එස්.බී. ට එරෙහිව පැමිණිල්ලක්

0
404

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන සේවකයන් 14159 කට ලැබිය යුතු පාරිතෝෂික මුදල් නිසිලෙස ලබානොදීමට එරෙහිව හෙට (20දා) දින මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

දිවිනැගුම පනත මගින් සමෘද්ධි අධිකාරිය ඇතුළු ආයතන 05ක් අවලංගුකර දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව සකස් කළ බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ මහතා සඳහන් කළේය.

ආයතනවලින් සේවකයන් අනුයුක්ත කිරීමේදී මොවුන්ට පාරිතෝෂික මුදල් ලබාදීමට කටයුතු කළ යුතු බවත් පාරිතෝෂික මුදල් ලබාදෙන බවට පොරොන්දු වුවත් එය මෙතෙක් නිසිලෙස ඉටුකර නොමැති බවද පවසා සිටියේය.

මේ නිසා දෙපාර්තමේන්තුව අයත් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා හා පාලන අධිකාරිය වගඋත්තර කරුවන් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බවද  ඔහු සඳහන්  කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here