පැන්ඩෝරා වාර්තාවට අදාළ තිරුකුමාර්ගේ වත්කම් ගැන විමර්ශන

0
326

ප්‍රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් හෙළි කළ පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා ලබා දුන් සාක්ෂි මත පදනම්ව මෙරට ඇති වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසිනි.

එම කොමිෂන් සභාව පැවසුවේ, විදෙස් වත්කම් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගනිමින් විමර්ශනට පියවර ගන්නා බවය.

අදාළ විමර්ශනවලට අදාළව තිරුකුමාර් නඩේසන් මහතා මේ වනවිට අවස්ථා 02 කදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන්නේ 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here