Sunday, September 22, 2024

මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මාරකයකින් නූලෙන් බේරේ… පාලමක් කඩාගෙන ඇදවැටේ.. තව පොඩ්ඩෙන් ගගේ……

හාලිඇළ සහ ඌවපරණගම මැතිවරණ කොට්ඨාස යාකමින් ඌමා ඔය මතින් සුදු පාලකයන් ඉදිකළ හළාඹ යකඩ පාලමේ අබලන් තත්ත්වය සොයා බැලීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා එහි ලෑල්ලක් කැඩී දෙපා පහළට ගොස් පාලම මත ඇද වැටිණි.

එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරීන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමික බුද්ධදාස යන මහත්වරුන් ඔහු පහළට වැටීමට ඉඩ නොදී අල්ලා ගෙන ඇත.  

මීටර් 113 ක් දිගැති මෙම පාලම මත අතුරා ඇති  ලෑලි තට්ටුව  දිර්ඝ කාලයක සිට  දිරාපත්වීම නිසා  තම අස්වනු රැගෙන යාමේදී හාලිඇල සහ ඌවපරණගම  ගම්වැසියන් දැඩි අසීරුතාවකට හා අවධානමකට පත්ව සිටියහ.

තමන් විඳින දුක අත්දැකීමෙන් මන්ත්‍රිවරයාම විඳ දරාගත් නිසා ඉක්මනින් පාලම ආරක්ෂිත ලෙස පිළිසකර කර දෙනු ඇතැයි විශ්වාස කරන බව ගොවි ජනතාව පැවසූහ.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා පාලමෙන් ගගට ඇද නොවැටුණු අතර ඔහුට අනතුරක් සිදුව නැති බවද වාර්තා වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles