පාරට බැස්සේ ඇයි කියලා කල්පනා කරන්නේ නැතිව අපේ ගොන් නාම්බලා ගුරුවරු උල තියන්න හදනවා

0
274

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් ගුරු සංගමය පිහිටුවීමේ හමුවට ඊයේ (17) දින එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් ආණ්ඩු පක්ෂයේම ඇතැම් අමාත්‍යවරුන් වැටුප් අරගලය ජයග්‍රහණය කිරීම සඳහා කැපවෙන ගුරුවරුන්ට සිදුකරන වාචික ප්‍රහාර සම්බන්දව දැඩිව විවේචනය කරනු දක්නට ලැබුණි.

ගුරුවරු පාරට බැස්සේ ඇයි කියලා කල්පනා කරන්නේ නැතිව අපේ ඉන්න ගොන් නාම්බලා කල්පනා කරන්නේ ගුරුවරුන්ට උල තියන්න ඕනේ, ගුරුවරුන්ට කුණු බිත්තර ගහන්න ඕනේ, මේකට නම්‍යශීලි වෙලා, උද්දච්ච වෙන්නේ නැතිව කල්පනා කරන්න ඕනේ මේක අවුරුදු 24ක ප්‍රශ්නයක් තියන්නේ. මේ අවුරුදු 24 ප්‍රශ්නය තමයි අද ගෝඨාභය මහත්තයාගේ ඔළුවට වැටිලා තියන්නේ.

දන්නේ නැති ගොන් රාලලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරන්නේ ඒක තමයි. එතකොට ඉතිං කවුද විනාශ වෙන්නේ. අපි ඔක්කොම විනාශ වෙනවා.

ජෝෂප් ස්ටාලින් හරි මහින්ද ජයසිංහ හරි මේ සියලු දෙනාම ඉන්නේ මේ වැටුප් අරගලය දිනා ගැනීම සඳහා. පොදුජන පෙරමුණේ ගුරු සංගමේ සහෝදරියක් කියුවා මේක මම තමයි ගෙනාවේ කියලා. ගාන දන්නේත් නෑ ගාන බැලුවාම මිලියන බිලියන 64ක්. සෞභාග්‍ය දැක්මට මේක ඇතුලත් කෙරුවා. ඊට පස්සේ කියන්නේ ගෝඨාභය මහත්තයා මේක පොරොන්දු උනා ඊට පස්සේ 21 වෙනිදා දින දාලා විවෘත කරන්න දැන් 21 ආවේ නැත්නම් දඬුකදේ ගහන්න හදනවා. ඩොලර් මිලියන 350ක් ඕනේ මේ මාසෙට තෙල් ගන්න. දැන් මොකද කරන්නේ දැන් ඉන්දියාවට කතා කරලා ඩොලර් මිලියන 350ක් ඉල්ලුවා හදිසි ණයක් බඩු ටික ගන්න. මේක තමයි තත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here