ගනුදෙනු වඩා පහසු කරවීම සඳහා DFCC බැංකුව විසින් හඳුන්වාදෙන ලද නවතම ජංගම විසඳුම වන Vardhana Virtual Wallet හි ක්‍රියාකාරීත්වය පසුගියදා එළිදක්වනු ලැබීය. තවත් මූල්‍යමය සවිගැන්වීමක් ලෙස මෙම ජංගම යෙදවුම මෙරට බැංකු ක්ෂේත්රයේ ප්‍රථම වරට එළිදැක්වීම DFCC බැංකුව විසින් සිදුකරන ලදී.
එම බැංකුව පෙන්වාදෙන පරිදි මෙම අති නවීන ජංගම යෙදවුමි භාවිතකරන්නන්ට ඔවුන්ගේ සාප්පු සවාරි අත්දැකීම් සරල කරන අතරම සිය මූල්‍ය තත්ත්වය පාලනය කරගැනීම පහසුකරවයි. සිනැප්සිස් විසින් නිර්මාණය කරනු ලැබූ Vardhana Virtual Wallet හි පූර්ණ හිමිකාරීත්වය DFCC බැංකුව සතුය. එමෙන්ම, SSL විසින් සමස්ත පද්ධතියම සුරක්ෂිත කරනු ලැබ ඇති අතර මිලදීගැනීම් කළ හැක්කේ ගනුදෙනුකිරීමේ රහස් අංකයක් ‘PIN’ යෙදීමෙන් පමණක් බවත් කියයි. මීට අමතරව අක්‍රියව පවතින යම් කාලයක් තුළදී ස්වයංක්‍රීයව logout වන අතර, සමගාමී login වීම අක්‍රීය කරවන බවද පෙන්වා දෙයි.
එමෙන්ම, ඩිජිටල් ගෙවුම්වල මෙම විප්ලවීය අංගය භාවිතකරන්නන්ට කරදරයකින් තොරව සිය මුදල් කළමනාකරණය පහසු කරවන අතර ගෙවීම් සඳහා යොදාගන්නා වෙනත් දෑ රැගෙනයාමේ අවශ්‍යතාව බැහැර කරන බවද කියයි. එහිදී, Virtual Wallet භාවිතකරන්නන්ට ඒ තුළ සිය මුදල් පවත්වාගෙන යා හැකි අතර බොත්තමක් එබූ සැණින් එදිනෙදා ගනුදෙනු ඉටුකරගැනීමේ පහසුව සැලසෙන බවද පෙන්වා දෙයි.
මීට අමතරව, භාණ්ඩ හා සේවා මිලදීගැනීම, බිල් ගෙවීම හෝ අනෙකුත් Vardhana Virtual Wallet භාවිත කරන්නන් වෙත මුදල් මාරු කිරීම සඳහා ද Vardhana Virtual Wallet උපයෝගී කරගත හැකිය. Vardhana Virtual Wallet භාවිතකරන්නන්ගේ බැංකු ගිණුම් එම යෙදවුමට සම්බන්ධ කර ඇති බැවින් සිය මූල්‍ය තත්ත්ව කළමනාකරණය සහ සංවිධානය කරගැනීම ඔවුන්ට පහසු කරවන බවද කියයි. එහිදී, ඕනෑම අවස්ථාවක, ඕනෑම තැනක සිට සිය ශේෂය පරීක්ෂා කිරීමේ හැකියාව ලබාදෙන අතර මූල්‍ය නිදහස සහ නම්‍යශීලීත්වයේ අලුත් අවස්ථා විඳගත හැකි බවද පෙන්වා දෙයි.
එමෙන්ම, සියලු ව්‍යාපාරයන්හි යෙදෙන අලෙවිකරුවන්ට සිය භාණ්ඩ හා සේවා වෙනුවෙන් ඉලෙක්ට්‍රොනිකමය වශයෙන් කෙරෙන ගෙවීම් ලබාගැනීමේ පහසුව සලසන Vardhana Virtual Wallet වෙතින් වාසි අත්කරගත හැකි බව කියයි. ඔවුන්ගේ ව්‍යාපාර ක්රියාකාරීත්වයේ ප්‍රමාණය නොසළකා, මෙම ජංගම ගෙවීම් ක්‍රමය පිළිගැනීමේ වාසි රැසක් හිමිකරගැනීමේ අවස්ථාව ලැබේ. මෙහි මුල්ම වාසිය ලෙස පෙන්වා දෙන්නේ වෙනත් ගෙවුම් ක්‍රමයක් භාවිතයේදී ඇති ඉහළ ගනුදෙනු පිරිවැය නිසා දැරීමට සිදුවන මෙහෙයුම් පිරිවැය අඩුකිරීමය. මින් ඔබ්බට, තවදුරටත් සිය වෙළෙඳනාමයට ලැබෙන පිළිගැනීම වැඩිදියුණු කළ හැකිවන පාරිභෝගික කේන්ද්‍රීය සාප්පු අත්දැකීමක් නිර්මාණය කිරීමට අලෙවිකරුවන්ට හැකියාව සැලසෙන බවද පෙන්ව