Sunday, September 22, 2024

මෛත්‍රී පවුල් දේශපාලනය අරඹයි.. – දහම් සිරිසේනත් දේශපාලනට ?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත‍්‍රයා වන දහම් සිරිසේන මහතා ‌පොලොන්නරුව ආසනයේ ශ්‍රීලනිප තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.

එම ධුරය සඳහා දහම් සිරිසේන මහතා විසින් නාම යෝජනා භාරදී ඇති අතර පසුව හිටපු ජනාධිපතිතුමා විසින් එම නාමයෝජනාවට අනුමැතිය ලබා දී ඇත.

දහම් සිරිසේන මහතා මින්නේරිය ආසනයේ තරුණ පෙරමුණ හා කාන්තා පෙරමුණ පිහිටුවීම සදහා වූ අවස්ථාවටද එක්ව සිටියේය.

මෙම රැස්වීමේදී එළඹෙන පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් උතුරු මැද පළාත් සභාවේ මහ ඇමති ධූරය සඳහා දහම් සිරිසේන මහතා ඉදිරිපත් කිරීමටද යෝජනා සම්මත වී ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව දිස්ත‍්‍රික් මට්ටමින් පිහිටුවනු ලබන සංවිධානයක තනතුරක් සඳහා දහම් සිරිසේන මහතා තේරීපත්වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධූරය දක්වා පැමිණි දීර්ඝ ගමන ආරම්භකර ඇත්තේ ප‍්‍රථමයෙන් පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්වීමෙනි.ඒ 1969 වසරේදී පමණය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles