තලේබාන් පොලිසියටත් ප්‍රහාරයක්!

0
358

නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ කුනාර් ප්‍රාන්තයේ අශාදාබාද් නගරයේදී තලේබාන් පොලිසියේ සමාජිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල වී තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ පළාත් පොලිස් ප්‍රධානියා ගමන් ගත් රථය ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

එහිදී එම පොලිස් ප්‍රධානියා මියගොස් ඇති අතර තලේබාන් පොලිස් සාමාජිකයන් සිවුදෙනෙකු සහ සිවිල් වැසියන් හත් දෙනෙකු ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් භාරගෙන නොමැති අතර විදෙස් විචාරකයන් පවසන්නේ ඇෆ්ගනිස්තානය තුළ මෙවැනි ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇත්තේ අයිඑස්අයිඑස්කේ සංවිධානයට බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here