Sunday, September 22, 2024

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ කැපී පෙනන අඩුවීමක්.

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ කැපී පෙනන අඩුවීමක් වාර්තා කරමින් එරට සක්‍රීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මාස හතකට පසු ලක්ෂ දෙකකට අඩු අගයක් වාර්තා කර තිබේ.

ඒ අනුව පසුගිය පසුගිය 17 වනදා රාත්‍රියේ එරට සක්‍රීය කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව 197, 573 ක් ලෙස වාර්තා වී ඇති අතර එය 2021 වසරේ මාර්තු 10 වනදාට පසු වාර්තා වූ පහළම අගයයි.

එය කොරෝනා වසංගතය උග්‍රව පැවති පසුගිය මැයි මාසයේ වාර්තා වූ මිලියන 3.75ක් ඉක්මවා ගිය සක්‍රීය ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වඩා සියයට 95ක අඩුවීමක් බව ඉන්දීය බලධාරීහු සදහන් කරති.

මේ වනවිට ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තාවීමද 15, 000 ක තරම් මට්ටමට පැමිණ ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles