මුදල් ඇමති ගැන මහ බැංකු අධිපති කියන කතාව

0
315

නව මහ බැංකු අධිපතිවරයා වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග මිරර් පැවැත්වූ සාකච්ඡාවක්.

එහිදී නව මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳව මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රශ්න කළි.

මුදල් ඇමතිකමට සුදුසුකම

එහිදී නව මහ බැංකු අධිපතිවරයා නව මුදල් ඇමතිවරයා පිළිබඳ දැක්වුයේ මෙවන් අදහසක්.

“නව මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මහතා දක්ෂයෙක්.මුදල් අමාත්‍යවරයා වීමට ආර්ථික විද්වතකු විය යුතුම නැහැ.”

“මුදල් අමාත්‍යවරයාට තිබිය යුත්තේ ආර්ථිකය පිළිබඳ දැනුමක්. ලෝකයේ බොහෝ රටවල සිටින්නේ ආර්ථික විද්වතුන් නොවන එහෙත් ආර්ථිකය ගැන පුළුල් අවබෝධයක් තිබෙන මුදල් අමාත්‍යවරුන්.

ප්‍රායෝගික පුද්ගලයකු වීම

මුදල් අමාත්‍යවරයාට රට තොට ආර්ථික පසුබිම ගැන මනා අවබෝධයක් තිබිය යුතුයි.පොත පතේ දැනුමෙන් පමණක් මුදල් ඇමැති ධූරයක් කරන්න බැහැ.පොත පතේ දැනුමෙන් කළ හැක්කේ ලස්සන වාර්තා සැකසීම.”

“අපේ රටේ කෘෂි , කාර්මික , වෙළෙඳ , සේවා යන ආර්ථික අංශ තිබෙන අතර ඒවා ගැන මුදල් අමාත්‍යවරයාට අවබෝධයක් තිබිය යුතුයි.මුදල් අමාත්‍ය ධූරයට අවශ්‍ය වන්නේ මහාචාර්යවරුන් යැයි ඇතැමුන් තුළ විශ්වාසයක් තිබෙනවා.එහෙත් එම තනතුරට වඩාත් සුදුසු වන්නේ ප්‍රායෝගික පුද්ගලයෙක්.”

ඒ සුදුසුකම බැසිල් රාජපක්ෂ මහතා තුල හොඳින් පිහිටා තිබෙන බවට මහ බැංකු අධිපතිවරයා සහතිකයක් දෙනවා.

නව මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මහතා සිය මංගල අය – වැය එළැඹෙන මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Asian Mirror

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here