ඔක්තෝබර් 25 වනදා සිට ගුරුවරු පාසල් එයි – ගුරැ – විදුහල්පති වෘත්තීය සන්ධානය

0
277

ඔක්තෝබර් 25 වනදා සිට සේවයට වාර්තා කරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සන්ධානය පවසනවා.

කෙසේ වෙතත් 25 වන සඳුදා සිට සේවයට වාර්තා කරමින් විවිධ ක්‍රියාමාර්ගවල නිරතවීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

වැටුප් විෂමතා ගැටළුව මුල් කරගෙන ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අදට දින 99ක්.

ළමයින් 200ට අඩු පාසල් ලබන 21 වනදා සිට ආරම්භ කිරීමට රජය මේ වනවිට සැළසුම් කර ඇති අතර, ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය නියෝජනය කරන ගුරු විදුහල්පති වෘත්තිය සමිති අද (18) උදෑසන කොළඹට රැස්වී විශේෂ සාකච්ඡාවක නිරතවුණා.

කෙසේ වෙතත් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ ලබන 21 වනදා සිට තම සංගමය අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි.

මේ අතර ලබන 21 වනදා සිට විවෘත කිරීමට නියමිත පාසල් පිරිසිදු කිරීමේ කටයුතු මව්පියන්ගේ සහභාගීත්වයෙන් මේ දිනවල සිදු කෙරෙනවා.

කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන්. සිල්වා සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 200 ට අඩු පාසල් 26 ම ලබන 21 වනදා සිට විවෘත කිරීම සඳහා සූදානම් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here