Saturday, November 16, 2024

දේශිය සීනි මිල වැඩි කිරිමේ සුදානමක් නෑ

දේශීය සීනි මිල වැඩි කිරීමේ සුදානමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ග්‍රාමීය වෙළෙදපොළට එම සීනි ලබාදීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා පවසන්නේ.

මේ අතර සීනි ආනයනකරුවන් පවසන්නේ මෙරටට ගෙන් වූ කෝටි සියයකට වඩා වැඩි වටිනාකමකින් යුත් සීනි තොගයක් වරායේ සිර වී තිබෙන බවයි.

දේශීය ව්‍යාපාරිකයින් විසින් මීට මාස හතරකට පමණ පෙර ගෙන් වූ සීනි මෙට්‍රික් ටොන් හත්දහසක තොගයක් සහිත කන්ටේනර් 300 ක් වරායේ සිර වී තිබෙනවා. එම ව්‍යාපාරිකයින් මෙට්‍රික් ටොන් දොළොස් දහසක පමණ ප්‍රමාණයක් ආනයනය කර තිබූ අතර පසුගියදා මෙරට සීනි මිලේ ඇති වූ වැඩිවීම හා හිගය හේතුවෙන් එම සීනි තොගයෙන් මෙට්‍රික් ටොන් පන්දහසක පමණ ප්‍රමාණයක් නිදහස් කෙරුණා.

මාස හතරකට අධික කාලයක් මෙම සීනි තොග වරායේ සිර වී තිබීම හේතුවෙන් එම සීනි නිදහස් කර ගැනීම සදහා ගුදම් ගාස්තු මෙන්ම නාවික ගාස්තුද ගෙවීමට සිදුව ඇති බවයි. ඒ හේතුවෙන් එම සීනි වත්මන් රට තුළ පවතින පාලන මිලට ලබාදිය නොහැකි බව ව්‍යාපාරිකයින් පවසනවා. මේ සම්බන්ධයෙන් වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග ආනයනකරුවන් සාකච්ඡා කර ඇති අතර එම ගැටලුව කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles