Monday, November 18, 2024

‘පත්තිනි’ සිනමාවේ ආදායම් වාර්තා බිඳ හෙළයි

සිංහල සිනමා වංශකතාවේ වාර්තා පිටු අලුත් කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නවතම සිනමා පටය වන ‘පත්තිනි’ ප්‍රදර්ශිත දින හතළිහක කාලය තුළදී රුපියල් ලක්ෂ දහසක වාර්තාගත ආදායමක් ඉපැයීමට සමත්වී තිබේ. මේ අනුව මෙරට සිනමා ඉතිහාසයේ කෙටිකාලයක් තුළ වැඩිම ප්‍රේක්ෂක
ආකර්ෂණය දිනාගත් චිත්‍රපටය බවට පත්වීමට ‘පත්තිනි’ මේ වනවිට සමත්වී ඇත.
පත්තිනි සිනමාපටය සිංහල සිනමාවට සම්මානනීය සිනමාපට රැසක් දායාද කළ සුමති චිත්‍රපට සමාගම වෙනුවෙන් ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය නිෂ්පාදනය කළ සිනමාපටයකි. මීට පෙර “අහසින් ‍පොළවට”, “උන්නත් දාහයි මළත් දාහයි”, “ගඟ අද්දර”, “දුවට මවක මිස” සහ “උප්පලවණ්ණා” වැනි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිකරගත් චිත්‍රපට නිෂ්පාදනය කළ සුමති චිත්‍රපට සමාගම සිය හයවැනි සිනමා නිර්මාණය වන ‘පත්තිනි’ සිනමා පටයෙන් දේවකතා සංකල්පය සිංහල සිනමාවට හඳුන්වා දීමට පුරෝගාමී වී තිබේ. ඊ.ඒ.පී. මණ්ඩලයට අයත් සිනමාහල්වලදී අතිසාර්ථක ලෙස තිරගත වන ‘පත්තිනි’ ජගත් සුමතිපාල සහ තිලංග සුමතිපාල යන මහත්වරුන්ගේ සම නිෂ්පාදනයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles