යහපාලන රජයේ මුදල් ඇමතිවරයා ලෙස ක්‍රියා කළ රවි කරුණානායක මහතා එම කාලයේ රජයේ ආයතනවලට ස්ථිරව වාහන මිලදී නොගෙන මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ කුලියට වාහන ගැනිම නිසා රජයට වසරකට රුපියල් කෝටි දහස් ගණනක් වැය කිරිමට සිදු වී තිබෙ. කරුණානායක මහතා මේ වෙනුවෙන් චක්රලේඛයක්ද නිකුත් කිරිමට උපදෙස් දි තිබුණි.ඊට වාහන සපයන ව්‍යාපාර ආයතන තුනක්ද නම් කර තිබුණි එහි හිමිකරුවෝ සියලුදෙනා කරුණානායක මහතාගේ හිතවත්හු වුහ. මේ යටතේ අමාත්‍යංශ දෙපාර්තමේන්තු සමාගම් අධිකාරී කොමිෂන් සභා ඇතුලු රාජ්‍ය ආයතන රැසකට වාහන කල්බදු ක්‍රමය යටතේ ලබාගෙන ඇත.ඇතැම් ආයතනවලට කැබ් රථ හා මෝටර් රථ 25 ත් 50 ත් අතර සංඛ්‍යාවක් ලබාගෙන තිබෙ. රජයේ විගණනකාධිපති දෙපාර්තමේන්තුවට පමණක් ලබාදි ඇති කැබ්රථ සංඛ්‍යාව 25 කට ආසන්නය. රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට එලෙස ලබාගත් වාහනයක් වෙනුවෙන් මසකට රුපියල් එක්ලක්ෂ පනස්දහසක කුලියක් ගෙවා තිබෙ.වසර 05 ක කාලයක් සදහා එම වාහන කුලියට ගෙන ඇත. එම කාලය නිමාවනවිට වටිනාකම මෙන් දෙගුණයක් වාහනයට ගෙවා ඇත. හිටපු විගණකාධිපතිවරයාට දී තිබූ වාහනයට වසර 05 ක් සදහා ගෙවා ඇති කුලි මුදල රුපියල් කෝටි 03 කට වැඩිය. එතරම් මුදලක් ගෙවා අවසන් කළත් රාජ්‍ය ආයතනයට එම වාහනය සම්බන්ධයෙන් කිසිදු අයිතියක් නොමැත. මෙසේ ලබාගත් බොහෝ වාහනවල කුලි පදනම මේ වසරේදි අවසන් වෙයි. එම ගිවිසුම් යලි සක්‍රිය කරන්නේ නම් ඉකුත් වසර පහේ ගෙවු මුදල දෙගුණයක් කිරිමට සිදු වී තිබෙ.ඊට හේතු වී ඇත්ෙත ඩොලරයට සාපේක්ෂව වාහන මිල ගණන් ඉහළ යාමයි. හදිසි අවශ්‍යතා මත වාහන අලුතෙන් මිලදි ගැනිමට ද නොහැක.කෝවිඩ් නිසා වසර දෙකක පමණ කාලයක් රජයේ කාර්යාල ක්‍රියාත්මක නොවිය.එම කාලයේ වාහන ධාවනය නොවුනත් අදාල කුලි මුදල ගෙවීමට සිදු වි තිබෙ. මෙම චක්‍රලේඛය සහ ගිවිසුම් දැන් වෙනස්විය යුතුව ඇතැයි රාජ්‍ය විගණනය යෝජනා කරයි.
SLBC NEWS