ගුරුවරුන්ට උපකාරක පන්ති තහනම් කර වැටුප් වැඩි කිරීමට යෝජනාවක්

0
312

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් ගුරු වැටුප් ගැටළුව සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ගුරුවරුන්ගේ වැටුප වැඩි කළ යුතු බව පෞද්ගලිකව තමා විශ්වාස කරන බව සදහන් කළ ආණ්ඩුකාරවරයා පැවසූයේ  එම වැටුප් ඉහළ දමා 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති තහනම් කළ යුතු බවයි.

මීට හේතු ලෙස ඔහු පෙන්වා දෙන්නේ වර්තමානයේ රටේ තත්ත්වය සමග දෙමව්පියන්ට උපකාරක පන්ති සඳහා  රු. 5000ක් 6000ක් වියදම් කිරීමට ඇති නොහැකියාවයි.

මේ අතර විසඳුම් නොලැබුණහොත්  සිය වෘත්තීය අරගලය දිගටම පවත්වාගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කරනවා.

Aayubo News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here