පාතාලය මර්දනය කළ විශේෂ කාර්ය බලකාය, තමන්ට විරුද්ධවන මාධ්‍යකරුවන්ට දඩුවම් දෙන හැටිත් දන්නවා යැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා කර ඇති ප්‍රකාශය පිළිකුලෙන හෙළා දකින බව පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු සේනාවිධායකවරුන් සදහන් කරයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායකයන් ලෙස සේවය කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ පොලිස්පති නිමල් ලෙව්කේ සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සරත්චන්ද්‍ර රණවක යන මහත්වරු සදහන් කරනු ලැබුවේ විශේෂ කර්ය බලකායේ නම බැබලවීමට මාධය කළ මෙහෙවර අමතක කළ නොහැකි බවය.
තමන් එය දකින්නේ පිස්සු ප්‍රකාශයක් ලෙස යැයි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා සදහන් කළේය.
බලහත්කාරයෙන් තර්ජනයකරල මාධ්යබිය ගැන්වීමෙන් තමන්ගේ ප්රතිරූප නිර්මාන කරගත නොහැකි බවත් එය වැඩ කිරීම තුළින් අනු ක්‍රමයෙන් ගොඩනගා ගතයුත්තක් බවත් එම නිළධාරීන් අවධාරණය කළේය.