ජනගහනයෙන් 70%ක් එන්නත් කර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්කය සපුරනවා

0
570

ඉදිරි සති දෙක ඇතුළත මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 70ක පිරිසක් කොවිඩ් මර්දන පූර්ණ එන්නත්කරණයට ලක් කර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්කය සපුරා ගත හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වසංගත රෝග විශේෂඥ සමිත ගිනිගේ මහතා පැවසුවේය.

එවිට ශ්‍රී ලංකාව කොවිඩ් වයිරසයෙන් පූර්ණ ආරක්ෂාව ලැබූ රටක් බවට පත් වන අතර කොවිඩ් මර්දන සාර්ථක එන්නත්කරණයක් සිදු වන රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද එක්ව ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (18) පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here