නබි උත්සවය අදයි

0
472

ඉස්ලාමීය ආගමික නායකවරයා ලෙස සැලකෙන මුහම්මද් නබිතුමාගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. මුහම්මද් නබිතුමා ක්‍රි.ව.571 දී මක්කා නගරයේ දී අබ්දුල්ලා සහ ආමිනා යන දෙදෙනාට දාව උපත ලබා ඇති බවයි සඳහන් වන්නේ.

ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් ඉතා ගෞරවයෙන් ස්මරණය කරන නබි තුමාගෙ ජන්ම දිනය වෙනුවෙන්, ජනපති හා අගමැතිවරයා සිය නිවේදනයන් නිකුත් කර තිබුණා. සියලු දෙනාට විශ්වාස කළ හැකි පුද්ගලයෙකු වීම සඳහා අවශ්‍ය කරුණාව හා අවංකභාවය මුහම්ම්මද් නබිතුමාගේ චරිතය ඇසුරෙන් අවබෝධ කරගත හැකි බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිල පණිවිඩය හරහා නිවේදනය කළා. මේ අතර, අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, වත්මන් දුෂ්කර කාලවකවානුව ජය ගැනීම උදෙසා නබි නායකතුමාගේ ජීවිත ආදර්ශය තම තමාගේ ජීවිතවලට ඇසුරු කර ගන්නා ලෙසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අදට යෙදෙන මුහම්මද් නබිතුමන්ගේ ඡන්ම දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ, නබි නායකතුමන්ගේ ඉගැන්වීම් තුළින් ස්වකීය ජීවිත පැවැත්ම යහපත් කොටගෙන කටයුතු කරන සකල ඉස්ලාම් බැතිමතුන්ට තමන් සුභාශිංසන එක් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here