එලියන්ත වයිට්ගේ පුතා හා දුවගේ ආරක්‍ෂාවට පොලිසියේ 21ක්

0
354

කොරෝනා ආසාදනය වී අභාවප්‍රාප්ත වූ වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ දියණිය සහ පුත්‍රයා ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 21 ක් දෙනෙකු දැනටත් අනුක්ත කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා සඳහන් කරයි.

කාන්තා පොලිස් නිලධාරිනියන් 4 දෙනෙකු ඇතුළුව පොලිසියේ 21 දෙනෙකු මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් ඒ වෙනුවෙන් නිදහස් කර ඇති බව ද ඔහු පැවසීය.

එසේ නිදහස් කර ඇති පොලිස් කණ්ඩායමේ නම් ලයිස්තුව තමන් සතුව ඇති බවත් පැවසූ ඔහු එම නිදහස් කිරීම සිදු කර ඇත්තේ කුමන පදනමකින්දැයි හෙලි කල යුතු බවත් සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here