අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම්

0
325

නිදහස් අධ්‍යාපනයේ සියලු අංග ආරක්ෂා කරමින් අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් බව තරුණ, ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.  

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගේ තොරතුරු තාක්ෂණය පිළිබද දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණෙන් Esoft Metro Campus ආයතනය මගින් ලබාදෙන ශිෂ්‍යත්ව 30,000ක් පිරිනැමීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (19)  තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනේ දී මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here