ඉන්දියාවේ කුෂිනගර් ගුවන්තොටුපොළ විවෘත කිරීම අද – පළමු ගුවන් යානය ශ්‍රී ලංකාවෙන්

0
385

ඉන්දියාවේ 29වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අද (20) විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහ මහා සංඝරත්නය සියක් නමක් එම අවස්ථාවට සහභාගි වීම සඳහා අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය.

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු පළමු ගුවන් යානය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 1147 දරන ගුවන් යානය අද අලුයම 05.20ට කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් ගුවන්තොටුපොළ විවෘත කිරීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශේෂ ආරාධිතයින් පිරිසක් සහභාගි වෙති.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික කුසිනාරා නගරයේ ඉදිකර ඇති කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මඟින් දඹදිව වන්දනාකිරීම සඳහා පහසුකම් සැලසෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වාදෙයි.

ජායාරූප : ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here