අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට බලෙන් උස්සගෙන එන්න බෑ : එනිසා ඔහු නැතිව නඩු අහනවා – අලි සබ්‍රි

0
343

මහ බැංකු බැඳුම්කර නඩුවේ ප්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බලෙන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ හැකියාවක් නැතැයි අධිකරණ අලි සබ්රි මහතා සඳහන් කරයි.

නීතිමය වශයෙන් සිංගප්පූරුව සමග නීතිපතිවරයා ඒ සඳහා සාකච්ඡා කරමින් සිටින බව ද ඇමතිවරයා පැවසීය.

නමුත් මෙතෙක් එම සාකච්ඡාවලින් සාධනීය ප්‍රතිඵලයක් තවම ලැබී නැති බවත් එනිසා ප්‍රධාන විත්තිකරු වන අර්ජුන් මහේන්ද්‍ර නැතිව නඩුව විභාගය කරන්න තීරණය කර ඇතැයිද ඔහු පැවසීය.

කෙසේ වෙතත් අර්ජුන් මහේන්ද්‍රන් බලහත්කාරයෙන් උත්සාහ ගෙන ඒමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැති බවද ඔහු පැවසීය.

බැඳුම්කර නඩුවේ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here