විශ්වවිද්‍යාල ඇරඹීම ගැන සාකච්ඡාවක්

0
300

විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඉදිරි සතියේදී එම සාකච්ඡාව පැවැත්නවිමට නියමිත බව වාර්තා වේ.

දැනටමත් විශ්වවිද්‍යාල සිසුන් වැඩි පිරිසක් කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක්ව ඇති  බැවින් විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

අවසන් වසරවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු ප්‍රථමයෙන් ආරම්භ කිරීම පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමුව ඇති බව සඳහන් වේ.

මීට අමතරව මෙතෙක් කොවිඩ් මර්දන එන්නත් ලබා නොගත් සිසුන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද උපකුලපතිවරුන් සහ සෞඛ්‍ය අංශ සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු වනු ඇති බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here