අලුත් වැඩක් වෙනුවෙන් ලෝකේ 7 වැනි කෝටිපතියා ගොඩ නැගූ සන්නාමය මකා දමයි.
සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන ෆේස්බුක් ඉන්කෝපරේෂන් ලබන සතියේ නව නමක් සමඟ rebrand කිරීමකට සැලසුම් කරමින් සිටින බව ඇමරිකානු තාක්ෂණ බ්ලොග් අඩවියක් අඟහරුවාදා වාර්තා කළේය. ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ඔක්තෝම්බර් 28 වන දින සමාගමේ වාර්ෂික සමුළුවේදී නම වෙනස් කිරීම ගැන කතා කිරීමට අදහස් කරන බව VERGE බ්ලොග් අඩවිය වාර්තා කළේය.
එයට ප්‍රතිචාර වශයෙන් ෆේස්බුක් පැවසුවේ කටකතා ගැන කිසිවක් ප්‍රකාශ නොකරන බවයි.
ඒ අනුව සමාගමේ විශාලතම නිෂ්පාදනය වන ෆේස්බුක් වෙබ් අඩිවය සහ අනෙකුත් සමාජ ජාල වේබ අඩවිද අදාල නව නාමකරණයකට ලක්වෙන සමාගම යටතේ පාලනය වීමට නියමිත බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම නව තීරණය සම්බන්ධනේ ෆේස් බුක් සමාගම තවමත් නිල ප්‍රකාශයක් කර නොමැති බවද වර්ජ් වෙබ් අඩවිය සඳහන් කර ඇත.
ඉන්ස්ටග්රම් – වට්ස්ඇප් සහ ෆේස්බුක් ඇතුලු සමාජ ජාල කිහිපයක හිමිකාරීත්වය ඇත්තේ එකම සමාගමකටයි.
මෙම ප්‍රවෘත්තිය පැමිණෙන්නේ සමාගම සිය ව්‍යාපාරික භාවිතයන් පිළිබඳව එක්සත් ජනපද රජයේ දැඩි පරීක්ෂණයට මුහුණ පා සිටින අවස්ථාවක ය.
Re brand කිරීම මඟින් ෆේස්බුක් හි සමාජ මාධ්‍ය යෙදුම (Facebook app) මව් සමාගමක් යටතේ ඇති බොහෝ නිෂ්පාදන වලින් එකක් ලෙස ස්ථාන ගත කෙරෙනු ඇති අතර ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප්, ඔකලස් සහ තවත් බොහෝ දේ අධීක්ෂණය කරනු ඇතැයි VERGE වාර්තාව වැඩි දුරටත් පවසයි.
Sillicon Valley ඇති සමාගම් තම සේවාවන් පුළුල් කිරීමට ඉදිරිපත් වන විට නම් වෙනස් කිරීම සාමාන්‍ය දෙයක් වේ.
කෙසේවෙතත් පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය නිසි පරිදි ආරක්ෂා නොකිරීමත් වරින්වර සේවා බිඳ වැටීමත් හමුවේ පසුගිය සතියේදී ඔවුන්ගේ කොටස් වෙළඳපොළ වටිනාකමද කැපී පෙනෙන ලෙස පහළ ගියා.