චීනයේ පළාත් ගණනාවක් අඳුරේ…

0
326

පවතින විදුලි අර්බුදය හමුවේ චීනයේ පළාත් රැසක් දිනකට පැය ගණනාවක් විදුලි බලය නොමැතිව දැඩි අදුරේ පවතින බව වාර්තා වේ.

මේ හේතුවෙන් අදාළ ප්‍රාන්තයන්හි කර්මාන්ත ශාලාවල කටයුතු අඩාලවීමෙන් නිෂ්පාදනය ඇණහිට ඇති බවද විදෙස් වාර්තා සදහන් කරයි.

පවතින තත්වය හමුවේ චීනය තුළ ගල්අගුරැ නිෂ්පාදනය සහ සැපයුම වැඩි කිරීමට අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව එරට බලධාරීහු ප්‍රකාශ කරති.

බලශක්ති පරිභෝජනය සම්බන්ධයෙන් සිදුකරන ලද වැරදි පුරෝකතනයන් මෙම තත්වයට මූලික හේතුව බව පැවසේ.

චීනයේ ප්‍රාන්ත 31 න් 20 ක්ම මෙම බලශක්ති අර්බුදයෙන් පීඩා විදිමින් ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here