කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගත් බව සහතික කරමින්, ඉන්දීය මධ්‍යම රජය නිකුත් කරන එන්නත් සහතික පත්‍රයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රූපය ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් කේරළ ප්‍රාන්තයේ විරෝධයක් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
විරෝධය දක්වා ඇත්තේ කේරළ ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියකු වන එම්. පීටර් නම් වූ අය වන අතර මෙම තැනැත්තා කේරළ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් සිය විරෝධය දක්වා ඇත.
අග්‍රාමාත්‍ය මෝදිගේ රූපය එන්නත් සහතික පත්‍රයට ඇතුළත් කිරීමෙන් ඉන්දීය පුරවැසියන්ගේ මූලික අයිතිය උල්ලංඝනය වන බැවින් අග්‍රාමාත්‍ය මෝදිගේ රුව නොමැතිව තමන්ට එන්නත් සහතික පත්‍රයක් අවශ්‍ය බව පෙත්සම්කරු අධිකරණයට පෙන්වා දී ඇත.
ලොවටම බලපෑම් කළ කොරෝනා වසංගතයක් හමුවේ, එයින් ජනතාව ආරක්ෂා කිරීම පාලකයන්ගේ අයිතිය බවත්, පාලකයන් එයින් ප්‍රසිද්ධියක් ගැනීම හෝ දේශපාලන වාසි ගැනීම හෝ නොකළ යුතු බවත්ය. ඒ අනුව, අග්‍රාමාත්‍ය මෝදිගේ ඡායාරූපය නොමැතිව තමන්ට එන්නත් සහතික පත්‍රයක් ලබා දෙන මෙන් පෙත්සම්කරු අධිකරණයට දන්වා තිබේ.
එම්. පීටර් යන නමින් පමණක් ඉන්දීය මාධ්‍ය විසින් හඳුන්වා දී ඇති මෙම පෙත්සම්කරු, කේරළ ප්‍රාන්තයේ කොට්ටයාම් නුවර වැසියෙකි. මොහු ජ්‍යෙෂ්ඨ පුරවැසියකු මෙන්ම සමාජ ක්‍රියාකාරියකු බව ද පැවැසෙයි.
පෙත්සම්කරු, ඇමෙරිකාව, ඊශ්‍රායලය, ජර්මනිය, ඉන්දුනීසියාව ආදී රටවලින් නිකුත් කරන එන්නත් සහතික පත්‍ර කීපයක පිටපත් ද අධිකරණයට යොමු කරමින් පවසා ඇත්තේ, එම එන්නත් සහතික පත්‍ර කිසිවක රටේ රාජ්‍ය නායකයාගේ රූපය නොමැති බවය. ඒ අනුව, අග්‍රාමාත්‍ය මෝදිගේ රූපය නොමැතිව, එන්නත් සහතික පත්‍රයක් ලබා ගැනීමට ඉන්දියානුවන්ට අවසර තිබිය යුතු බව ද පෙත්සම්කරු කේරළ මහාධිකරණයට අවධාරණය කර ඇත.
කෙසේවෙතත් එන්නත් ලබා ගැනීම කළ යුතු බවත් එන්නත් ලබා ගත්තත් දිගටම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමන කළ යුතු බවත් එම පණිවුඩයේ සඳහන් වෙන බවත් එය ජනතාව දැනුවත් කිරීමට අග්‍රාමාත්‍ය මෝදිගේ පණිවුඩයක් මිස දේශපාලන වාසි ගැනීමක් නොවන්නක් බවත් සෞඛ්‍ය අමාත්‍ය බී.පී. පවාර් මාධ්‍ය හමුවක් තබමින් මිට පිළිතුරු ලබා දී ඇත.