ඉහළ යන සීනි මිල පාලනයට රජයෙන් සැලැස්මක්…

0
306

මේ වන විට වෙළෙඳපොළේ සීනි මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් චෝදනා කරති.

සීනි සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත්කර තිබුණ ද අදාළ මිලට වෙළෙඳපොළේ සීනි නොමැති බව වාර්තා වේ.

ඇතැම් ප්‍රදේශවල සීනි හිඟයක් ද පවතින බව වාර්තාවිය.

කෙසේවෙතත් දේශීය සීනි මිල ඉහළ දැමීමට ඉඩ නොතබන අතර රජය මැදිහත් වී සීනි ආනයනය කර මිල පාලනය කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

“සීනි මිල වැඩිකරන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ දේශීය සීනි මිල අඩු කරන්න. මගේ වෑයම දේශීය අඩු කිරීම. හැබැයි ලෝක වෙළෙඳපොළේ සීනි මිල වැඩි වෙලා තියෙනවා. දේශීය සීනි මේ රටේ ජනතාවට පරිභෝජනය සඳහා අපි ලබලා දෙන්න අපි දිගටම කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා පුංචි කඩේටත් සීනි දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදලා දෙන්න. සීනි මොනම හේතුවක් නිසාවත් දේශීය දුඹුරු සීනි අපි වැඩිකරන්න බලාපොරොත්තුවක් නෑ. බැහැයි මහා පරිමාණ විශාල පිරිසක් සීනි මිල වැඩිකිරීමේ උත්සහයක ඉන්නවා. ඒ අය බද්ද අඩුවුණ වෙලාවේ ලාභ ලැබුවා වගේම යම්කිසි මුදලකට අපේ මේ තියෙන ගැසට් නිවේදනය එක්ක සීනි ගෙනල්ලා මේ රටේ ජනතාවට ලබලා දෙන්න කියලා. අපි නැත්නම් රජය විසින් ආනයනය කරලා ජනතාවට අවශ්‍ය සීනි ලබලා දෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here