නිසි අධිකරණ නියෝගයකින් තොරව තම අතීත Whatsapp තාක්ෂණය ඔස්සේ සිදු කළ දුරකථන සංවාදයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීම මගින් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
නිසි අධිකරණ නියෝගයකින් තොරව තම අතීත දුරකථන සංවාදයන්ට අදාළ දත්ත, අදාල දුරකථන සේවා සැපයුම්කරුවන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුදාහැරීම මගින් අදාළ සේවා සැපයුම්කරුවන් ද තම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කලේය.
“මම ඇහුවා එවැනි අවසරයක් ගත්තද මගේ දුරකථන වලට සවන් දෙන්න මහේස්ත්‍රාත්වරයාගෙන් කියලා ඔවුන් මට ප්‍රකාශ කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ප්‍රසාද් රණසිංහ විසින් ඒවා ඔවුන්ට ලබා දීපු බව. එතකොට එවැනි මහේස්ත්‍රාත් අවසරයක් තිබුණු නැති බව බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මගේ ඒ ප්‍රකාශයේ ඒ බවත් මම සඳහන් කළා.”
“ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු ප්‍රධාන වරප්‍රසාදයක් වන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. එම වරප්‍රසාදය නිරුක්ති කර ගැනීමේදී මේ වන විට මේ රට තුල බලාත්මක වන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලනික අයිතීන් පිළිබද සම්මුතියේ 19 වෙනි වගන්තියේ සඳහන් කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දේශ සීමා හා මායිම් තුළ නොසිට හා තොරතුරු හා අදහස් සොයා යාම ලබා ගැනීම හා බෙදාහැරීමේ නිදහස තම අදහස් වාචිකව ලිඛිතව මුද්‍රිතව ඕනෑම ආකාරයකින් වෙනත් මාධ්‍යයක් තුළින් ප්‍රකාශ කළ හැකි බවයි. ඉහත කී පසුබිම තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තම දුරකථනය එම අදහස් ප්‍රකාශ කිරීම සඳහා අත්‍යන්තයෙන්ම උපකාරී වන මෙවලමක් ඒ තුළ මන්ත්‍රීවරයෙකුගේ පුද්ගලික නිදහසට යටත් වන තොරතුරක් වන තමන් සතු වරප්‍රසාද තොරතුරක්. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගේ පාර්ලිමේන්තු වරප්‍රසාදය උල්ලංඝණය කරලා තියෙන බව මගේ හැඟීමයි.”