ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් ශාරුක්ගේ නිවසටත් යයි

0
311

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබ ඉන්දීය අත්අඩංගුවට පත්ව මේ වනවිට මුම්බායිහි සිරමැදිරියක රඳවා සිටින සිය පුතු ආර්යන් ඛාන් බැලීමට සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් අද (21දා) උදෑසන ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මාසයේ ආර්යන් ඛාන්, අත්අඩංගුවට ගැනීමෙන් පසු ශාරුක් ප්‍රසිද්ධියේ දුටු පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.

මේ අතර ෂාරුක් මුම්බායි බන්ධනාගාරයට පැමිණීමෙන් පසු, ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසට මෙන්ම බොලිවුඩ් නිළි අනන්‍යා පාන්ඩේගේ නිවස වෙතද ගොස් ඇත. එහිදී අනන්යාට ඉදිරි පරීක්ෂණවලට සම්බන්ධ වන ලෙසද දැනුම් දී ඇත.

ආර්යන් හා අනන්යා අතර වූ වට්ස්ඇඩ් සංවාද කිහිපයක් මෙලෙස අනන්යාට පොලිස් විමර්ශන සඳහා පෙනී සිටීමට හේතුවී ඇත.

කෙසේ නමුත් මෙම සිදුවීම ආවරණ කිරීමට ගිය ඉන්දීය මාධ්‍යවේදීන් හා ශාරුක් අතර තරමක උණුසුම් වචන හුවමාරුවක් සිඳුව ඇති බවද වාර්තා වේ.

මත්කුඩු ළඟ තබා ගැනීම සහ භාවිතට ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් ඇතුළු 13 දෙනකු මුම්බායි පොලිසිය විසින් පසුගිය ඔක්තෝබර් මස මුලදී අත්අඩංගුවට ගනු ලැබීය.

මුම්බායි සිට ගෝව බලා ගමන් කරමින් තිබු නැවක මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටින බවට ලද ඔත්තුවකට අනුව කළ වැටලීමකදී ශාරුක් පුතු ඇතුළු තරුණ තරුණියන් කණ්ඩායම පොලිස් අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී හසිෂ්, එම්ටී සහ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය තිබී ඇත.

23 හැවිරිදි ආර්යන් ඛාන්, ෂාරුක් ඛාන්ගේ වැඩිමල් පුත්‍රයාය. ආර්යන් ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුවෙක්ද වෙයි. ෂාරුක් ඛාන්ගේ බිරිඳ බොලිවුඩ් නිළියක වන ගෞරි ඛාන් වන අතර, ඇයට සුෂානා නමැති 21 හැවිරිදි දියණියක් හා අබ්රාම් නමැති 08 හැවිරිදි පුතෙක්ද සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here