කෘෂි රසායන අලෙවි ඒකාධිකාරය බහු ජාතික සමාගම් දෙකකට?

0
288

මෙරට කෘෂි රසායන අලෙවියේ ඒකාධිකාරය බහු ජාතික සමාගම් දෙකකට ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත් කාබනික පොහොර සංකල්පය යටතේ හිඟයක් ඇති කර රසායන පොහොර ගෙන්වූ ආකාරයටම, රටේ කෘෂි රසායන අවශ්‍යතාවයෙන් 92% ක් බහු ජාතික සමාගම් දෙකකට ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගජමිතුරන් කටයුතු කරන බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.නමුදු එම බහුජාතික සමාගම් කවරේදැයි හෙළිදරව් කර නොමැත. ශ්‍රී ලාංකේය කෘෂි ක්ෂේත්‍රයේ පවතින වත්මන් අර්බුදකාරී තත්වය හේතුවෙන් කලින් මෙරට වගා කන්න දෙක පිළිබඳව පවා හරි හැටි නොදැන සිටි වෙනත් ක්ෂේත්‍ර වල විද්වතුන් ද මේ දිනවල ශ්‍රී ලාංකේය කෘෂිකර්මය පිළිබඳව විවිධ අයුරින් අධ්‍යයනය කරමින් හිඳින බවත් එය මෙරට කෘෂිකර්මාන්තය කෙරෙහි සාධනීය බලපෑමක් ඇති කරන්නක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික සහ සැලසුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here