ගොවියාත්, පාරිභෝගිකයාත් කබලෙන් ලිපට

0
307

සහල් මිල පාලනය සම්බන්ධයෙන් රජය විසින් සිදු කරනු ලැබූ අදූරදර්ශී හා අතාර්කික ක්‍රියාමාර්ග හේතුවෙන් පාරිභෝගික ජනතාව පමණක් නොව කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ද දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා ඇති බවත්, මෙයින් රටේ ගොවිජනතාවත් පාරිභෝගික ජනතාවත් අන්ත අසරණව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් නගමිනි.

වෙළෙඳපොළ සීමිත කිහිපදෙනෙකුට පමණක් සීමාකර කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සම්පූර්ණයෙන් වෙළෙන්දපොලෙන් ඉවත් කිරීම සඳහා එවැනි තීරණ ගන්නේ දැයි යන සැකය මතුව තිබෙන බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

වර්තමාන රජය අසාර්ථක ආණ්ඩුකරණයක පරමාදර්ශයක් වෙමින් හාල් මිල පාලනයට රිවස් ගැසට් මාධ්‍ය සංදර්ශන හා නීතිමය බලහත්කාරකම් වැනි ක්‍රියාමර්ග සිදුකළ අතර එමඟින් නිදහස් වෙළෙඳපොල ආර්ථිකය වෙළෙඳපොළ පාලනය සඳහා වඩාත් ඵලදායී  උපායමාර්ගයක් ලෙස භාවිත වූ නියාමනය යන්න අද වන විට විහිළුවක් බවට පත්ව ඇති බවද හෙතෙම කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here