සපුගස්කන්දේ බොරතෙල් 11 ඉවරයි.තෙල් නැවක් යලි එන්නේ දෙසම්බර්..?

0
319

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තිබෙන තෙල් ‍ප‍්‍රමාණවත් වන්නේ නොවැම්බර් 11 වන දා දක්වා පමණක් බව ඛණිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියා සිටියි.
ඉන්ධන නැවක් නැවත පැමිණීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 14 වනදා බවද ඔවුන් සඳහන් කරයි.

ඉන්ධන අර්බුදයක් ඇති බවත් එය ඉදිරි දිනවලදී පැහැදිලි වනු ඇති බව ද වෘත්තීය සමිති කියා සිටියි.

වාණිජ කර්මාන්ත හා ප‍්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරන්නේ රට ගැන සිතා මෙම තොරතුරු අනාවරණය නො කිරීමට කොතරම් උත්සාහ කලත් එය කළ හැක්කේ තවත් දින කිහිපයකට පමණක් බවයි.

ඉදිරි දින කීපය ප්‍රමාණවත් තරම් බොරතෙල් නැතිවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව වේගය සීමා කර ඇතැයි ඔහු පෙන්වා දෙයි.
සේ වෙතත් සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ ඊයෙ ඉන්ධන නෞකාවක් මෙරටට පැමිණි බවයි.

මෙරට තුල මේ මොහොතේ ඉන්ධන අර්බුදයක් මෙරට නැති බවද කී ඔහු ගතවූ දින වල වැඩිපුර පාරිභෝගිකයන් ඉන්ධන ලබාගත් නිසා පරිභෝජනය ඉහළ ගිය බවද කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here