ඉන්ධන බදු අඩුකරනවානම් මිල ඉහළ දැමීමට අවශ්‍ය නෑ

0
294

ඉන්ධන මත පනවා ඇති බදු අඩු කරන්නේ නම් හොා් ඉවත් කරන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව බලශක්ති ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

මේ වන විට පොදු පාරිභෝගිකයා පාරිභෝජනය කරන ඩීසල් ලීටරයකින් රු14, 92 පෙට්‍රල් ලීටරයකින් රු 42 , සුපිරි ඩීසල් ලීටරයකින් රු 38 , 95 පෙට්‍රල් ලීටරයකින් රු 65ක් ලෙස රජයට බදු වශයෙන් ගෙවමින් සිටියි.

උදාහරණයක් ලෙස ඛනිජ තෙල් සංස්ථාවේ ඩීසල් ලිටරයකින් රජය ලබා ගන්නා බදු ඉවත් කළ විට ඩිසල් ලීටරයක් පාරිභෝගිකයා වෙත රුපියල් 92කට ලබාදිය හැකිය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක බදු ඉවත් කළ හොත් මිල වන්නේ රුපියල් 115කි. සම්පූර්ණයෙන් බදු අඩු නොකර යම් ප්‍රමාණයකින් හෝ බදු අඩු කිරිම මගින් ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිල ඉහළ යන මේ අවස්ථාවේදි ඉන්ධන මිල ඉහළ නොදමා ජනතාවට සහනයක් ලබාදිය හැකි බව විශ්ලේෂකයෝ පවසති.

ඉන්ධන බදු හරහා රජයට අතිවිශාල ආදායමක් ලැබෙන අති 2020දී එම ආදායම රුපියල් බිලියන 160ක් පමණ වෙයි. ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කිරීම, අඩු කිරීම හෝ මේ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමේ වගකීම මුදල් අමාත්‍යාංශය සතු වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here