Friday, September 20, 2024

ජපන් තානාපති හදිසියේම සජිත් හොයන් ඇවිත්

ශ්‍රි ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් සිදුවිය. ඒ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ය.

කොරෝනා මර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් මෙන්ම විවිධ සංවර්ධන කටයුතු සඳහා ජපාන රජය මගින් දක්වන උපකාර කෙරෙහි ස්වකීය කෘතවේදීත්වය විපක්ෂ නායකතුමා විසින් පිරිනැමූ අතර දශක ගණනාවක් ඈතට දිවෙන ද්වීපාර්ශවීය සබදතා පිලිබදව තානාපතිතුමන් විසින් එහිදී සිහිපත් කරනු ලැබීය.

සමගි ජනබලවේගය හරිත පක්ෂයක් බවත් ඒ හරහා “හරිත ව්‍යාපෘතිය”, හරිත පාරිසරික සංරක්ෂණ වැඩසටහන සහ Project Leopard ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකතුමා පැවසූ අතර ඊට අවශ්‍ය අඅනුග්‍රහය ලබා දෙන ලෙස විපක්ෂ නායකතුමා ජපාන තානාපතිතුමන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

ඒ පිලිබදව ස්වකීය විශේෂ අවධානය යොමුකරන බව පැවසූ තානාපතිතුමන් ඒ සදහා අනුග්‍රහය ලබා දෙන බවද පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles