Friday, September 20, 2024

දකුණු කොරියාවේ යළි පිබිදීමක්‌

දකුණු කොරියාව අභ්‍යවකාශ තරණයේ නව පිටුවක් සටහන් කර තිබෙනවා.

ඒ, පළමු වරට සිය රට තුළ නිෂ්පාදනය කළ පළමු රොකට්ටුව අභ්‍යවකාශගත කර කරමින්.

“නූරි” ලෙස නම් කර ඇති මෙම රොකට්ටුව සෝල් අගනුවරට දකුණු දිග ප්‍රදේශයෙන් කක්ෂගත කෙරුණා. මෙම රොකට්ටුව වෙනුවෙන් දකුණු කොරියාව වැයකර ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1 යි දශම 6 ක්. මීටර් 47 යි දශම 2 ක දිගකින් යුත් නූරි රොකට්ටුවේ බර ටොන් 200 ක්.

දකුණු කොරියාව 2009 සහ 2010 යන වසරවලදී රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීමට උත්සහ දැරුවද එය අසාර්ථක වුණා. ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ වසර 2030 දී සඳ තරණය කිරීමටයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles