ඥානසාර හිමිගේ නඩුවට දින නියම කෙරේ

0
302

බොදු බල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 21 වනදා විභාගයට ගැනීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) දින නියම කළේය.

මෙම නඩුව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එදින සාක්ෂිදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන්ට ද මහෙස්ත්‍රාත්වරිය විසින් සිතාසි නිකුත් කළාය.

2017 වසරේ වැලිකඩ පොලිස් වසම තුළ මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකිරීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි ඥානසාර හිමියන්ට චෝදනා එල්ලවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here