කැනඩාවෙන් හඳුන්වා දුන් නව ගමන් බලපත්‍රය

0
300

කොවිඩ් එන්නත්කරණය සම්පුර්ණ කළ බවට සඳහන් නව ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට කැනඩාව පියවර ගෙන තිබේ.

රටින් පිටත සංචාරයන් සඳහා ගමන් කරන සහ රටට ඇතුළු වන කැනේඩියානු ජාතිකයින් සඳහා එම නව ගමන් බලපත්‍රය හඳුන්වාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නව ගමන් බලපත්‍රෙය් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පුර්ණ කිරීමට අදාළ දත්ත සහ සංචරණ ක්‍රියාකාරකම් සම්බන්ධ තොරතුරු අන්තර්ගත වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

දුම්රිය සහ ගුවන් ගමන් සඳහා බලපැවැත්වෙන පරිදි අදාළ නව බලපත්‍ර ක්‍රමවේදය හඳුන්වා දී තිබෙන අතර සියලු කැනේඩියානු ජාතිකයන්ට එය අනිවාර්යය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here