විදේශ රැකියා නියුක්ති කාර්යංශයෙන් දැනුම් දීමක්

0
336

රැකියා සඳහා විදෙස්ගත වීමේදී තැරැව්කරුවන්ට හසු නොවන ලෙස ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කරනවා.

එහි දැක්වෙන්නේ, සිය කාර්යංශ නියාමනය යටතේ ලියාපදිංචි බලපත්‍රලාභීන් හරහා පමණක් ඍජුවම විදෙස් රැකියා ලබාගැනීමට කටයුතු කළ යුතු බවයි.

එවැනි බලපත්‍රලාභී ඒජන්තවරුන් සහ ආයතන 800ක් පමණ පවතින බව සඳහන්.

රැකියා සඳහා විදෙස් ගතවීමේ ක්‍රියාවලියේදී යම් ගැටලු‍වක් ඇති වුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 1989 ක්ෂණික දුරකතන අංකය අමතා අදාළ උපදෙස් හා සේවාවන් ලබාගත හැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here