දුම්රිය දුවන්නෙ නැත්තේ ඩීසල් නැති නිසා

0
304

දුම්රිය ධාවනය නොකිරීම සහ පළාත් අතර සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමට හේතුව ඩීසල් නොමැතිවීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය.

ඩීසල් නොමැතිවීම ජනතාවගෙන් වසන් කිරීම සඳහා දුම්රිය ධාවනය සහ පළාත් අතර සංචරණ සීමා ලබන 31 වනදා දක්වා දීර්ඝ කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

රට විවෘත කර ප්‍රවාහනය සීමා කර රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන් සේවයට කැඳවීමට පියවර ගැනීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ දී ඇති බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

තම නොහැකියාව වසා ගැනීම සඳහා දුරදිග නොබලා ආණ්ඩුව ගනු ලබන තීරණ හේතුවෙන් හැට නම ලක්ෂය ඇතුළු රටේ සමස්ථ ජනතාව අසරණ වන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here