Sunday, September 22, 2024

යොහානි ජනප්‍රිය වීම ඉන්දියාවෙ රෝ එකේ කුමන්ත්‍රණයක් – මහාචාර්ය නලින් ද සිල්වා

යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාව හරහා ගොස් සමස්ත ලෝකය පුරාම ජනප්‍රිය වීම ස්වභාවික සංසිද්ධියක් නොව ඉන්දීය බුද්ධි අංශවල මැදිහත්වීම හරහා කෘත්‍රිමව ඇතිකළ තත්වයක් බව මියන්මාරයේ හිටපු තානාපති, මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසනවා.

ඉන්දියාව සමග කළකිරී සිටින සිංහල ජනතාව සහ ආණ්ඩුව දිනා ගැනීම සඳහා ඉන්දියාව මෙම ගායිකාව තෝරාගෙන ඇති බවත්, අමිතාබ් බච්චන් පමණක් නොව සල්මන් ඛාන් ඇතුළු ඉන්දියාවේ ජනප්‍රිය බොහෝ පුද්ගලයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම කුමන්ත්‍රණයේ කොටස්කාරයන් වී ඇති බවද මහාචාර්යවරයා සඳහන් කරනවා.

සිංහල ජනතාව දිනා ගැනීම පමණක් නොව ඊටත් වඩා දිගුකාලීන අරමුණක් ඉන්දියාවට තිබෙන බවට සැකකළ හැකි බවත්, ඇතැම් විට ඉදිරි ජනධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිදු කරන මැදිහත්වීමක එක් කොටසක් ලෙස මෙම ගීතය ජනප්‍රිය කරවීම පෙන්වා දිය හැකි බවත් ඔහු පවසනවා.

යොහානිගේ ගීතය ශ්‍රී ලංකාව තුළ අදත් එතරම් ජනප්‍රිය වී නොමැති බවත්, ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය නොවූ ගීතයන් ඉන්දියාවේ උන්මාදයක් මෙන් පැතිර ගියේ කෙසේද යන්න පිළිබඳව කල්පනා කළහොත් මෙය සැළසුම් සහගතව සිදු වූ ක්‍රියාවලියක් බව සිතාගත හැකි බවත් නලින් ද සිල්වා මහතා පවසනවා.

ඉන්දියාවේ මෙම කුමන්ත්‍රණය පිළිබඳව ආණ්ඩුවට කිසිදු තේරුමක් නොමැති බව පෙනී යන බවද මහාචාර්යවරයා සඳහන් කරනවා. යොහානිට ජාතික සම්මානයක් ලබාදීමට පවා තීරණය කර තිබෙන්නේ මේ නිසා බවත්, ඇතැම් විට ඉන්දියාව සතුටු කිරීම සඳහා එවැනි තීරණයක් ගත්තේද යන සැකය මතුවන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles