Sunday, September 22, 2024

මැතිණිය වගේ පොල්ලක් ජනාධිපතිටත් පට බැඳෙන එක විතරයි වෙන්නේ

රජය ක්‍රියාත්මක කරන්නාවූ කාබනික පොහොර වැඩපිළිවෙලට තම ගොවි සංවිධානය වූ කන්ඩලම ජලාශයේ වම් ඉවුර ගොවි සංවිධානයේ එකඟතාව ඇති බවත් නමුත් එය මැතිණියගේ හාල් පොල්ල මෙන් ගෝඨාභයගේ පොහොර පොල්ල නොවිය යුතු බව රංගිරි දඹුළු විහාර පාර්ශවයේ මහනායක ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් ඊයේ (22) සඳහන් කර සිටියේය.

ශ්‍රී සුමංගල ගොවි සංවිධානයේ සභාපතිත්වට දරණ උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙන්ම රාජ්‍ය නිළධාරීන් මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදි උන්වහන්සේ මේ බව අවධාරණය කර සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ සුමංලග හිමියන්,

“අපි ගොවි සංවිධානයක් හැටියට උද්ඝෝෂණ කළේ නෑ, පෙළපාලි ගියේ නෑ, ප්‍රශ්නයක් වුණොත් විසඳ ගන්න ක්‍රමය අපි දන්නවා. ඒ වගේම තමයි කාලයාගේ ඇවෑමෙන් විසඳෙන ප්‍රශ්නත් තියෙනවා.

“හැබැයි මිනිස්සු අතරේ කතාවක් තියෙනවා දැන් මේ ඇතිවෙලා තියන පොහොර ප්‍රශ්නයත් අර මැතිනියගේ කාලයේ හාල් පොල්ල වගේද කියලා. දැන් මිනිස්සු  ජනාධිපතිතුමාගේ නමේ කෑල්ලත් ඉස්සරහට දාලා පොහොර පොල්ල කියලා කියනවා.

පොහොර සිද්ධියේදී මම කිසි විටෙක ඒ ප්‍රතිපත්තිය වැරදියි කියලා කියන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය හරි, එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගත් තීරණයත් හරි. එතුමිය කළේ අපේ රටේ ආහාර අපේ රටේම  නිෂ්පාදනය කරගන්න. නමුත් ජනතාව එය ප්‍රතික්ෂේප කරන්න හේතු වුණේ ක්‍රියාත්මක කිරීමේ තිබුණු ගැටළු සහගත තත්වය නිසා.

ජනාධිපතිතුමා මේ ගත්තු තීරණය වැරදි නැහැ කියලයි මම හිතන්නේ. නමුත් මේක ක්‍රියාත්මක කරන්න යාන්ත්‍රණයේ තමයි වැරැද්ද තියෙන්නෙ.

ඒක වහා නිවැරදි විය යුතුයි එකපාරටම කාබනික පොහොර දාලා මේ මහාපොළොව වෙනස් කරන්න බැහැ. ක්‍රමාණුකූලව කාලයක් යනකොට තමයි මෙය ක්‍රියාත්මක කරන්න ඕනේ. රසායනික පොහොර විශාල වශයෙන් අපි  මහපොලොවට දාලා පොළොව මරලා තියෙන්නේ මේ මිය ගියපු මහාපොළොව එක් වරම කාබනික පොහොර දාලා ශාකයක මූල මණ්ඩලය හදන්න බැහැ. ඒ නිසා  ඉතා ප්‍රවේශමෙන් මේ මහපොළොව කාබනික පොහොරවලට හුරු කිරීම රජය විසින් සිදුකල යුතුයි.

එහෙම නැති වුනොත් සිද්ධවෙන්නේ එදා සිරිමාවෝ මැතිණියගේ කාලේ තිබුන හාල් පොල්ල වගේ වර්තමාන ජනාධිපතිතුමාටත් පොල්ලක නම පට බැඳෙන එක විතරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles