Sunday, September 22, 2024

සෞඛ්‍ය ලේකම්වරයා සෞඛ්‍ය සේවාව අර්බුදයකට ලක්කරනවා

සෞඛ්‍ය සේවාව හිතාමතාම අකර්මණ්‍ය කිරීමේ වුවමණාවක් තිබෙනවාදැයි සැකයක් පවතින බව සෞඛ්‍ය වෘත්තිය වේදීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති රවී කුමුදේශ් විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනුයේ මුදල් අමාත්‍යවරයා සාකච්ඡාවක් කැඳවා පිළියම් යොදවන ලෙස නියෝග කර සති තුනක් ගතයුවත් ඒ පිළිබඳව අදාල නිලධාරීන් කිසිදු මැදිහත් වීමක් සිදු නොකන බවයි.

සෞඛ්‍ය ලේකම්වරයා ඊට මැදිහත්වී විකල්ප සෙවීම වෙණුවට දිනෙන් දින අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් අඩාල කරමින් සහ තීරණ ගැනීම ප්‍රමාද කරමින් සිටීම හේතුවෙන් ඉදිරියේදී සෞඛ්‍ය සේවාව තුල විශාල අර්බුධයක් නිර්මාණය වීම නොවැලැක්විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම මෙවන් අර්බුධ මතුවූ සෑම අවස්ථාවකම පෙර සිටි සෞඛ්‍ය ලේකම්වරුන් ඊට මැදිහත්වී විවිධ පිළියම් යොදමින් රජයත්, සෞඛ්‍ය සේවාවත් අර්බුදයකින් තොරව පවත්වා ගැනීම සදහා මැදිහත් වුවද, වර්තමාණ සෞඛ්‍ය ලේකම්වරයගේ කළමනාකරණ දුර්වරතාවය මෙවන් අර්බුද උඩුදුවන මට්ටමට පරිවර්තනය වීමට ප්‍රධාන හේතුවක් වී ඇතැයි ද සභාපතිවරයාගේ නිවේදනයේ දැක්වෙයි.

තවද අනවශ්‍ය වියදම් රැසක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සිදුවෙමින් පවතින අතර, සමහර ආයතන සදහා ඉතා හොදින් වැඩකරන උපකරණ ඉවත දමා, බිලියන ගණන් වටිනා නව උපකරණ සවි කිරීම හා අඩු මුදලකට පරීක්ෂණ සිදු කල හැකි උපකරණ තිබියදි,  එක් පරීක්ෂණයක් සදහා විශාල  මිලක් ගෙවීමට සිදුවන උපකරණ ස්ථාපිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය බර අනවශ්‍ය ලෙස වැඩිකරගෙන ඇතැයි ද ඔහු චෝදනා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles