Sunday, September 22, 2024

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2.5ක්

ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය හරහා ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා

මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ කොවිඩ් හදිසි ආධාර වශයෙන් මෙම මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි

එමගින් කොවිඩ් එන්නත් ලබාගැනීම සහ සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීම යනාදිය සිදුකිරීම සඳහා ප්‍රයෝජනවත් දායකත්වයක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවයි ඇමරිකාවේ අදහස වන්නේ

පසුගිය වසරේ මාර්තු මාසයේදී මෙරට තුළ කොවිඩ් වසංගතය ආරම්භ වීමත් සමඟ මේ දක්වා අවස්ථා කිහිපයකදී ඇමරිකාව විසින් මෙරටට ඩොලර් මිලියන 17.9ක මූල්‍යාධාර ලබාදී ඇති අතර එය වසංගතය පාලනය කිරීමට සහ ශ්‍රී ලාංකික ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට උපකාරි වූ බවයි ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles