නව පත්කිරීම් කිහිපයකට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

0
271

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට සහ තානාපතිවරුන් දෙදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී මෙම අනුමැතිය හිමි විය.

එහිදී රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ.රත්නසිරි මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජේ. එම්. උදිත් කේ. ජයසිංහ මහතා, සහ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහතාට එලෙස අනුමැතිය ලබාදී තිබේ.

ඊට අමතරව ඉතාලි ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජගත් වැල්ලවත්ත මහතා පත්කිරීමට විදේශ අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.

වැල්ලවත්ත මහතා මීට පෙර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා නාමයෝජනා අනුමත වී තිබිණි.

ඒ අතරම දැනට නයිජීරියානු ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය හොබවන ජේ.එම්.ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා මියන්මාර් මහජන සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කර යැවීමටද අනුමැතිය හිමිවූ බව දසනායක මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here