Saturday, September 21, 2024

2010 වසරේ සිට ප‍්‍රදර්ශනය කරගත නොහැකිව චිත‍්‍රපට 120 ක් පෝලිමේ

මහජන ප‍්‍රදර්ශනය සඳහා රැඟුම් පාලක මණ්ඩලය විසින් අනුමත කළ චිත‍්‍රපට 120 කට ආසන්න ප‍්‍රමාණයක් තිරගත කරගැනීමට නොහැකිව එම චිත‍්‍රපටවල නිර්මාණකරුවන් සහ ඒ සඳහා මූල්‍ය පිරිවැය දැරූ නිෂ්පාදකයින් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම චිත‍්‍රපට නිර්මාණය කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 650 කට වඩා වැඩි මුදලක් වැය වී තිබෙන අතර එම ඇතැම් සිනමා පට නිර්මාණය කර තිබෙන්නෙ චිත‍්‍රපට නිෂ්පාදකයින්ගේ නිවාස සහ දේපළ බැංකුවල උකසට තබා ලබාගත් ණය පහසුකම් මත බවද දැනගන්නට ලැබේ.

ප‍්‍රදර්ශනයට අවසර ලැබුණද තිරගත කරගත කරගැනීමට අවස්ථාවක් නොලද මෙම චිත‍්‍රපටි ගොන්න අතරට මීට වසර දහයකට පෙර :2010 වසරේ සිට නිෂ්පාදනය අවසන් කළ, අවසර ලබා ගත් සිනමා නිර්මාණද ඇතුළත් වේ.

සිනමා ශාලා දවසින් දවස වැසී යෑම, පවතින සිනමා ශාලාවන්හි චිත‍්‍රපට සඳහා ප‍්‍රමාණවත් කාලයක් ලබා ගැනීමට නොහැකි වීම, චිත‍්‍රපටවල ගුණාත්මක බව පිළිබඳ ප‍්‍රදර්ශන මණ්ඩලවල පවතින රුචි අරුචි බව 2019 වසර තෙක් මෙසේ චිත‍්‍රපට ප‍්‍රද්ර්ශන පෝලිමක් ඇතිවීමට බලපා තිබෙන අතර පාස්කු ප‍්‍රහාරය සහ කොඩිඞ් වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් සිනමා ශාලා වසා තැබීමත් මෙසේ ප‍්‍රදර්ශනය කර ගත නොහැකිව චිත‍්‍රපට ගොඩ ගැසීමට හේතුවක් වී ඇත.මෙම ගැටලූවට සාධනීය විසඳුමක් ලබා දීමට ජාතික චිත‍්‍රපට සංස්ථාවට තවමත් නොහැකි වී තිබෙන අතර චිත‍්‍රපට නිර්මාණකරුවන් සහ නිෂ්පාදකයින් චෝදනා කරන්නේ සංස්ථාව මෙම ගැටලූවේදී උකටලි ස්වභාවයකින් කටයුතු කරන බවය.

කෙසේ වෙතත් ටෙලි නාට්‍ය සඳහා රූපගත කළද එහෙත් ටෙලිවිෂනයේ ප‍්‍රදර්ශනය කාලයක් ලබා ගැනීමට නොහැකිව, පසුව සිනමා නිර්මාණ බවට සංස්කරණය කළ නිර්මාණ කිහිපයක්ද මෙම චිත‍්‍රපට පෝලිමට ඇතුළත් වන බව අප කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබිණි.

2010 වසරේ සිට ප‍්‍රදර්ශනය සඳහා අවසර ලැබුණ ද මේ දක්වා ප‍්‍රදර්ශනය කරගත නොහැකිව තිබෙන චිත‍්‍රපට මෙසේය.

ගින්දරී, කතුරු මිතුරු, ආශාවරී, එකගෙයි සොකරි, ගාඩි, මිදුණු විශ්වය, හිතුමතේ ජීවිතේ, කවුරුත් දන්නෙ නෑ, ගජමෑන්, යුගාත‍්‍රා, කන්දක් සේ මා, කදිර දිව්‍යරාජ, ශ‍්‍රී සිද්ධා, දඩඉම, නිහඬ සෙවනැලි, උතුරු සුළග, ශ‍්‍රී වික‍්‍රම, ජංගි හොරා, බුලට් පෘෆ් චිල්රන්ස්, කිඞ්නැප්, ගේම්, අයිස්ක‍්‍රීම්, සිනෙමා, ලව් ස්ටෝරි, ගිරිවැසිපුර, කොරෝනා කාලේ ආලේ, ආයු, ආශු, බහුචිතවාදියා, විසංගමනය නයිට් රයිඩර්, ගුත්තිල, සෙවනැලි, මුරුග සන්නිය, ඉක්කා, වියසිදුර, ක්ෂීර සාගරය කැලඹිණ, මන්දාරා, තුන්දෙනෙක්, රතු සමනල හීනයක්, සහෝ, තේජා, වීර්යා, යාත‍්‍රා, සූවිසි විවරණ, ස්වර, බවතරණ, සුරංගනා ලොවින් ඇවිල්ලා, තුන් වරක් තුන, ආකර්ෂා, මිගෙට්ටුවත්තේ ගුනානන්ද, දෙවෙනි වරම. ආකාස පාලම, ගොවි තාත්තා, පාස්පෝට්, තානාපතිලෑ ගෙදර,

ගුරු ගීතය, සෙකන්ඞ් ෂෝ, ටොම් පචයෝ, වස්දඬුරාවය, රහයි ජීවිතේ, නෝනා හරිම සැරයි, බ්‍රේකින් නිවුස්, තුම්පත් රෑන, බාඳුරා, රුහීරේ, සඳ දිය සළු, අතුරු මිතුරු හරි අපූරු, ජොබ්ලස් ඩග්ලස්, ගිනිමල් පොකුරු, ඇද්දා ලණුව දැම්මා කොඩිය, අපායේ තත්පර, අහසින් වැටෙයි, යුරේකා, අනෝරා, මායාවි, සදී, හැපි බර්ත් ඬේ, ජීවා, සීක‍්‍රට් ඔෆ් ද රෝස්, බැක් ටු ද ස්කූල්, අල්බොරාදා, සීරුවෙන්, මාරියා, ප‍්‍රවේසමින් ඉන්න, මරුකතර, අග්නි, සීගිරි, තට්ටු දෙකේ ඉස්කෝලෙ, නම්බර් නයින්, මෝනාලිසා, සදාදර ජෝති, පපාස් හවුස්, මිස්ටර් කපු, රං කොල්ලා, රජදහන, බඔර වසන්තය, විවර්ණ, පියාඔන්න ආයෙත්, එදත් දිනුම් අදත් දිනුම්, ගිනි කඳුළු, දුස්රා, නිමි, ද ලෙටර්, සීඞ්ස්, රශ්මි, අමාවක, ස්පර්ෂ, දිරිය දෝනි, නීලම්, ගිනියම් යාමය යන චිත්‍රපටයන්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles