Friday, September 20, 2024

අවුරුදු පහෙන් මේ රට හදන්න බෑ අවුරුදු 20 ක වත් වැඩපිළිවෙලක් ඕන – රනිල්

රට වර්තමානයේදී වැටී ඇති අගාධයෙන් ගොඩගෙන රට සංවර්ධනය කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අනාගතයක් අහිමි වූ රට බාරගෙන රටට නැවතත් හෙටක් ලබාදීම සඳහා තම පක්ෂය සූදානම් බවයි වික්‍රමසිංහ මහතා පවසන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමිනි.

අවුරුදු පහෙන් පහට ආණ්ඩු මාරු වනවිට රට හදන ප්‍රතිපත්තිද මාරු වන බව පෙන්වා දෙන එජාප නායකයා පවසන්නේ එසේ අවුරුදු පහෙන් පහට මාරු වන ප්‍රතිපත්තිවලින් රට ගොඩනැගිය නොහැකි බවයි. රට ගොඩනැගීමට නම් අවම වශයෙන් අවුරුදු 20 ක් වත් එකම මාර්ගයක ගමන් කළයුතු බවත්, පාලකයන් මාරු වුවද ප්‍රතිපත්ති මාරු නොවිය යුතු බවත් වික්‍රමසිංහ මහතා පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles