Friday, September 20, 2024

පළාත් සභා මැතිවරණයට ශ්‍රීලනිපය වෙනම එයි

ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වී වෙනම තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්ථිරවම තීරණය කර ඇති බව වාර්තා වේ. 

මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක්ම පසුගිය සති කිහිපය තුළ පැවති අතර පක්ෂයෙහි බිම් මට්ටමේ ද ඉල්ලීම අනුව මෙසේ වෙනම තරග වැදීමට තීරණය කර ඇති බව සඳහන්. 

ඒ අනුව තවත් කුඩා පක්ෂ කිහිපයක් සමග එකතුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණින් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට ශ්‍රීලනිපය දැනටමත් කටයුතු සූදානම් කරමින් පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට ජනතාව අතර පත්ව ඇති අප්‍රසාදයට තමන් කරගැසිය යුතු නොමැති බව ශ්‍රීලනිප බිම්මට්ටමේ සාමාජිකත්වයෙහි අදහස වී ඇති අතර පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දීර්ඝ කාලීන ඉදිරි දේශපාලන අභිලාෂයන් ද මීටම සමපාත වන මට්ටමක පවතින බවත් වාර්තා විය. 

මීට පෙර ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ ආකාරයට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත්ව වයඹ පළාත් මහ ඇමති ධුරය සඳහා තරග වදිනු ඇති අතර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද සිය පියා වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ උරුමය අනුව යමින් උතුරු මැද පළාත් මහ ඇමති ධුරය සඳහා තරග වදිනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles