Friday, September 20, 2024

නැනෝ නයිට්‍රජන් ආනයනයෙන් ඩොලර් ලක්ෂ 12 න් 09 ක්ම ගසා කාලා

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීම හරහා දැවැන්ත මුල්‍ය වංචාවක් සිදුව ඇති බවත් ඒ සඳහා ජනාධිපති ලේකම්වරයා‍ගේ සෘජු මැදිහත්වීමක් සිදුව ඇති බවත් අප මීට පෙර අනාවරණය කළේය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත ‍හේරත් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අදාල පොහොර සඳහා වෙන්කළ ඇමරිකානු ඩොලර් මිලියන 1.2 ක මුදලින් පොහොර සැපයූ ඉන්දියානු සමාගමට ලබා දී තිබෙන්නේ ඩොලර් ලක්ෂ 08 ක් පමණක් බවයි. කෙසේ නමුත් අපවෙත වාර්තා වන පරිදි, ඉන්දියානු සමාගමට ගෙවා ඇති මුදල ඩොලර් ලක්ෂ 03 කි.

ඒ අනුව මිලියන 1.2 න් හතරෙන් තුනකට වඩා වැඩි මුදලක් හෙවත් පොහොරවල සැබෑ වටිනාකම මෙන් තුන් ගුණයක් වංචා කර තිබෙනවා.

රටම දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක, තුන්වේලක් වෙනුවට දෙවේලකින් පිරිමසා ගන්නැයි ඇමතිවරු ජනතාවට යෝජනා කරමින් සිටින අවස්ථාවක දේශපාලඥයන, රාජ්‍ය නිලධාරීන් හා කූට ව්‍යාපාරිකයන් එකතු වී ජනතා මුදල් රිසි සේ ගසාකමින් සිටී. ගොවි ජනතාව පොහොර නොමැතිකම නිසා මහමගට බැස පොහොර ලබා දෙන්නැයි යදිමින් සිටිද්දී, පොහොර ආනයනයෙන්ද මුදල් ගසාකෑම සුපුරුදු පරිදිම සිදුවෙමින් තිබේ.

මේ අතර මෙම පොහොර ආනයනට අදාල මුදල් බැරකළ බව කියන, මහජන බැංකුවේ ටවුන්‍හෝල් ශාඛාවේ ගිණුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles