පහළ නිලධාරින් නීති විරෝධී ක්‍රියාවක නිරත වෙනවනම් එහි වගකීම සහකාර පොලිස් අධිකාරිවරුන් භාර ගත යුතුයි

0
291

පොලිස් ස්ථානාධිපතිවරයාගේ සිට පහළ නිළධාරින් යම් නීති විරෝධී කටයුත්තක නිරත වන බව බුද්ධි අංශ හරහා අනාවරණ වුවහොත් අදාල ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි වරයාට එරෙහිව පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අනතුරු අගවනවා.

පහළ නිළධාරින් යම් නීති විරෝධී ක්‍රියාවක නිරත වන්නේනම් එහි වගකීම සහකාර පොලිස් අධිකාරි වරුන් භාරගයුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ප්‍රධාන පොලිස් පරික්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තනතුර දක්වා අලුතින් පත්වීම් ලද පොලිස් නිළධාරින් සහ නිළධාරිනියන්ට සුභාශිංශන පිරිනැමීම වෙනුවෙන් ඊයේ (22) මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති වැඩසටහනකදී සරත් වීරසේකර මහතා මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here