Thursday, October 31, 2024

ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ නෑ

විපක්‍ෂය සහ ඇතැමුන් කියන පරිදි රටේ කිසිදු ආකාරයකින් ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඉදිරි මාසයට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සදහා අවශ්‍ය ඩොලර් ප‍්‍රමාණය ලබා දීමට මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වී තිබෙන බව ද කී ඇමැතිවරයා ඉන් ඉදිරියට ඉන්ධන ලබා ගැනීම සදහා ඩොලර් මිලියන 4100ක ණය මුදලක් සැලසුම් කර ඇති බව ද ස`දහන් කළේය.

ඉන් ඩොලර් මිලියන 500ක ණයක් ඉන්දියාවෙන් ලබා ගැනීමට නියමිතව ඇති අතර එය මේ වන විට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ස`දහා ඉදිරිපත් කර ඇති බව ද ඇමැතිවරයා කීවේය.

එසේම ඕමාන් රාජ්‍යයෙන් ඩොලර් මිලියන 3600ක ණය මුදලක් ලබා ගැනීම සඳහා දැනටමත් කැබිනට් අනුමැතිය පවා හිමිවී ඇති අතර ඊට අදාළ ගිවිසුම් සකස් කෙරෙමින් තිබෙන බව ද උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

මේ අනුව ඉන්ධන ලබා ගැනීම පිළිබඳ කිසිදු ගැටලූවක් ඇති නොවන බව ද කී ඇමැතිවරයා එනිසා විපක්‍ෂය සිහින මවන ඉන්ධන හිඟය කිසිසේත් ම ඇති නොවන බව ද වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles