තවත් පොලිස් නිලධාරියෙක් ගෙන් අමානුෂික පහරදීමක් – සමාජ මාධ්‍ය කැළඹු වීඩියෝව මෙන්න

0
337

පොලිස් නිලධාරියෙකු විසින් තරුණයන් පිරිසකට පහර දෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වල සංසරණය වෙමින් තිබේ.

අවට සිටියවුන් බිපත්ව බලා සිටියදී, එරාවුර් පොලිසියේ රථ වාහන අංශයේ අංක 61169 අංකය පැළැඳි කොස්තාපල්වරයකු විසින් ඊයේ (22) සවස එරාවුර් නගර මධ්‍යයේදී, ආහාර ගැනීමට යතුරු පැදියකින් නගරයට පැමිණි චෙන්කලඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ තිසාසේකරම් දිලිප් සහ තිල්ලෛනාදන් කලෛඅරසන් යන දෙමළ තරුණයන් දෙදෙනාට ම්ලේච්ඡ ලෙස පහර දෙන ලදී.

රිය අනතුරක් සිදු වූ ස්ථානයක මැනීම් කටයුතු සිදුකළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් අධික වේගයෙන් මෙම යතුරුපැදිය ධාවනය කර ඇත.

එහිදී යතුරුපැදිය නවතන ලෙසට අණ කර තිබුණ ද එය නොතකා යතුරුපැදිකරු මඩකලපුව එරාවූර් කළපුව පාර පටු මාවත ඔස්සේ අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කර ඇති බව වාර්තා වෙි.

පසුව නිලධාරීන් එම යතුරුපැදිය හඹා ගොස් ඇති අතර ආහාර අලෙවිසැලක් අසල නවතා තිබියදී යතුරුපැදිය සොයාගෙන තිබේ.

පහරදීම සිදුවන්නේ එම අවස්ථාවේදිය.

යාපනයේ එරාවුර් පොලීසිය විසින් තරුණයන් යතුරු පැදියේ ගමන් කරමින් සිටියදී නවත්වාලීමට උත්සාහ කළද නොනවත්වා ගමන් කිරීම හේතුවෙන් මෙලෙස පහර දෙන බව වාර්තා වුවද එහි සත්‍ය අසත්‍යතාවය මෙතෙක් තහවුරු කොට නැත.

එම වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here